ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම බද්ද රුපියල් 30කින් ඉහළ දමා ඇති අතර මීට පෙර රුපියල් 20ක්ව පැවැති බදු අගය ඒ අනුව රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙනුවෙන් වූ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.