යුක්තිය මෙහෙයුමට සමගාමීය නව අවුරුද්දේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේදී සිදුකරන ලද වැටලීම් 832 කට අදාළව සැකකරුවන් 808ක් හා සැකකාරියන් 14ක් අත්අඩංගුවට ගත් බව පෙලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මින් සැකකරුවන් 60ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත් සැකකරුවන් 72ක් පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට නියමිත බවත් එම කාර්යාලය පවසයි.
මේ අනුව යුක්තිය මෙහෙයුම ආරම්භ කළ පසුගිය දෙසැම්බර් මස 17 දා සිට ජනවාරි මස 01 දා තෙක් වැටලිම් 21730කදී සැකකරුවන් 21564ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.