ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව 2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයින්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.