අලි සබ්රිට පාර්ලිමේන්තුව එපාම වෙයි
තමන් නැවතත් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ නොබලන බවත් රට මෙම තත්ත්වයට වැටීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් රටේ සියලුම දෙනා වගකිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා පැවැසීය. අද (20දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"මේක බුදුහාමුදුරුවෝ පය තිබ්බ රට. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියපු රට. අනිත් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන කොට උඩ පනින්න පුළුවන් රටක්ද මේක? මිනිස්සුන්ට තරහා ගිහිල්ලා ඉන්න එක. ඔවුන්ට කේන්ති ගිහිල්ලා ඉන්න එක, ඉවසීම නැති එක අපිට පිළිගන්න පුළුවන්.
මගේ ඩ්රැයිවර්ස්ලා ඊයේ උදේ හයට ගිහින් රෑ හත වෙද්දිත් පෙට්‍රල් ගහ ගන්න බැරිව ආවා. හැමෝටම මේක එච්චරයි. අපි ජීවිතයටත් කොහෙන්වත් අඩුවට පෙට්‍රල් ගැහුවේ නෑ. මේ අවුරුදු 2ට මම දවස් 10ක් විතර මේ කැන්ටින් එකෙන් කෑම කාලා ඇති.
සිහින මාලිගාවල ඉදලා, පාරවල්වල උද්ඝෝෂණ කළා කියලා විතරක් මේ ප්‍රශ්නවලට උත්තර එන්නේ නෑ. මමනම් මේ පාර්ලිමේන්තුව පැත්ත පළාත බලන්නේ නෑ. මට මේක ඕනත් නෑ.
මේ රට ගැන හිතලා, තමන්ගේ ටැක්ස් ගෙවපු අය මේකට එන්න ඉන්නවනම් ඒකට පාර හදන්න.අපිනම් ආයේ එන්නේ නෑ මේ පැත්ත පළාතේ. මිට පස්සේ.
මේක දේශපාලඥයෝ පමණක් නෙමෙයි හැමෝම වග කියන්න ඕන. තමන්ගේ රස්සාව කරනවද? ගන්න පඩියට වැඩ ටික කරනවද? තමන්ගේ යුතුකම් කරනවද? බොරුව කරලා ලකුණු දාගෙන එකිනෙකාට ඇගිල්ල දිගු කරලා කොහොද අපි මේ යන්නේ.
තමන් තමන්ගේ යුතුකම් ඉටුකරනවද? තමන්ගේ රස්සාව හරියට කරනවද? තමන්ගේ ටැක්ස් ටික හරියට ගෙවනවද? හැමෝම එහෙම හිතපු දවසට පුළුවන් වෙයි මේ රට ගොඩදාන්න"
popular news
-
C.wijeratne Friday, 20 May 2022 10:34 PM
20 සංසෝදනය ගැන මුලින්ම වගකිම බාරගෙන ඔයා අස්වෙන්න.
Reply : 0 0
rocky Saturday, 21 May 2022 12:53 PM
obathumaa rassaawa hariyata korapu hati apita mathakayi!
Reply : 0 0
සෙනෙවිරත්න Sunday, 22 May 2022 12:52 AM
කවුද ඇමතිතුමා ඔහේට පාර්ලිමේන්තු එන්න කිව්වෙ? චන්දෙ ඉල්ලුවද නැහැනෙ, ගෝඨාභය තමන්ගෙ නඩු ටික ජනාධිපති මුක්තිය ලැබෙනතුරු එක දවසක් උසාවියට නොපැමිනෙන විදියට ඇදගෙන ආවට කරපු සැලකිල්ලට නේ අධිකරණ ඇමතිකමත් දීල ආදර්ශයක් පෙන්නුවෙ, ඒව හරි වැඩද? ඒ වගේ පජාත වැඩ වල සාපය තමයි ඔය වැදුනෙ.අනෙක බදු සහන දුන්නෙ සාමාන්‍ය ජනතාවද?බදු හොරු ඉන්නෙ තමුන්ගෙ ලොක්ක ලඟ නේද?ඒව ගොඩදාන්නෙත් තමන්ල වගේ කලු කෝට් කාරයො නේද? ඒක නිසා මෙතන නාහෙන් අඬන්නෙ නැතුව ඉල්ලා අස්වෙන්න, ඔය කිසිදෙයක් සාමාන්‍ය ජනතාවගෙ වැරැදි නෙවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

