ස්ථාපිත කිරීමට නියමිත සත්‍ය සෙවීමේ කොමිෂමේ කටයුතු විධිමත්ව සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව දකුණු අප්‍රිකාවේ අත් දැකීම් ලබා ගැනීමේ අරමුණින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු යුත් නියෝජිත කණ්ඩායමක් හෙට ( 2023.03.21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් S.E.ස්චල්ක් (S.E.Schalk) මහතා පසුගියදා අධිකරණ අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ තම රට තුළ ස්ථාපිත කර ඇති සත්‍ය සෙවීමේ කොමිෂමේ කටයුතු කරනු ලබන ආකාරය පිළිබදව අත් දැකීම් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙස කළ ආරාධනාවක් අනුව මෙම සංචාරය සිදු වෙයි.
ගැටුම්කාරී වාතාවරණයන්ගෙන් පසුව ලෝකයේ රටවල් තුල සාමය හා සංහිදියාව වැඩි දියුණු කිරීමට පිහිටවනු ලැබූ කොමිෂන් සභා අතරින් සාර්ථක කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් වශයෙන් දකුණු අප්‍රිකාවේ සෙවීමේ කොමිෂම හැදින්විය හැකි අතර, එම කොමිෂමේ කටයුතු කරනු ලබන අකාරය කිරීම මෙම සංචාරයේ අරමුණ වේ.