පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංක මහජන කොංග්රසය තීරණය කර තිබේ.
නීති විරෝධී ආකාරයෙන් ගුවන් තොටුපොළ හරහා මන්ත්රීවරයා රත්රන් ගෙනවිත් වැරදිකරුවකු බවට පත් වූ අතර, පසුව ඔහුට අධිකරණයෙන් දඩ මුදල් නියම කෙරිණ.
සිදුවීම පිළිබඳ සමස්ත ලංක මහජන කොංග්රසයේ විධායක මණ්ඩලය කළ පරීක්ෂණයේ ප්රතිඵලයක් ලෙස මන්ත්රීවරයා පක්ෂයෙන් ඉවත් කළ බව එහි සභාපති එම්.එස්.එස්. අමීර් අලි මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් සභාපතිවරයා මෙසේ මෙලෙස අදහස් පළ කළේය.
"පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව මගින් කළ විමර්ශන මාලාවකින් පසුව ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා.
වගකිව යුතු ජනතා නියෝජිතයකු වන අලි සබ්රි රහීම් මන්ත්රීවරයා නීති විරෝධී ලෙස රත්රන් ජාවාරම් කළ සිද්ධිය අප පක්ෂයටත්, ජන සමාජයටත්, ඔහු තෝරා පත් කර ගත් ජනතාවට සහ රටටත් අපකීර්තියක් ඇති කළ නිසා ඔහුගේ සාමාජිකත්වය ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා."