එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීධුරය සඳහා එම පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ. ඒ අනුව එජාපයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්රීධුරයට වජිර අබේවර්ධන මහතාගේ නම සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්රීධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්රමසිංහ මහතා ජනපතිධුරයට පත්වීමත් සමග ඔහු මන්ත්රීධුරයෙන් ඉවත්විය. ඒ අනුව හිස්වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්රීධුරයට වජිර අබේවර්ධන මහතා පත්කර තිබේ.