කුවේට් රාජ්‍යය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන අල් - ජසීරා ගුවන් සේවය එරට සිට මත්තල ගුවන් තොටුපළ වෙත ද ගුවන් මගීන් ප්‍රවාහනය ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සමග කටුනායක පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා සාකච්ඡා කර තිබුණි.
මේ වනවිට මෙම අල් - ජසීරා ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපළ සහ කුවේට් රාජ්‍යය අතර සතියකට දින 03 ක් සිය ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරමින් සිටිති .
මීට අමතරව මත්තල ගුවන් තොටුපළ ද කේන්ද්‍ර කර ගනිමින් , කළාපීය අනෙකුත් රටවල ගමනාන්ත ( Hub Operation ) වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සහ ගුවනේ නව විද නිදහස් ක්‍රමවේදයන් ( Nine Traffic Freedoms Of Air ) භාවිතා කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් , කපිතාන් තේමිය අබේවික්‍රම , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කළමනාකරු ඉෂාර ගුණවර්ධන , අල් - ජසීරා ගුවන් සේවයේ නියෝජ්‍ය සභාපති නසීර් අල් ඔබෙයිඩ් , එම ගුවන් සේවයේ සහකාර නියෝජ්‍ය සභාපති රෙතාහ් අල් මව්සාවි සහ එම ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකරු චමින්ද සිල්වා යන මහත්වරුන් එක් වී සිටියහ .