මුස්ලිම් භක්තිකයන් දේවත්වයෙන් අදහන අල්ලා දෙවියන්ට අපහාස වන අයුරින් වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා සමාජ ගත කළ පුද්ගලයකු කටුගස්තොට දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි
සැකකරු ඒ සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත
තම ආගමට අපහාස වන අයුරින් පුද්ගලයකු වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බව මුස්ලිම් මවුලවිවරැන් කීප දෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි
ඒ අනුව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය