අල්ලාගත් වරෙන්තුකරු ස්ථානාධිපති නිදහස් කරලා?
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කල නඩුවකට පෙනී නොසිටි විවෘත වරෙන්තු නිකුත් කර ඇති වරෙන්තුකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් නිළධාරියෙකු විසින් අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා පොලිසිය වෙත රැගෙන විත් ඇත.
එම අවස්ථාවේ සැකකරුගේ ඥාතීන් පිරිසක් පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අල්ලාගෙන පැමිණි පොලිස් කොස්තාපල්ට උපදෙස් ලබා දී ඇත්තේ සැකකරු මුදා හරින ලෙසයි.
පොලිස් ස්ථානාධිපතවරයා විසින් සැකකරු අමතා පවසා ඇත්තේ නීතීඥයෙකු මාර්ගයෙන් මෝසමක් මගින් අධිකරණය වෙත ඉදිරිපත්වන ලෙසයි.
සැකකරු මුදාහැරීමත් සමග එම පොලිස් ස්ථානයේ සෙසු පොලිස් නිළධාරින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කලකිරිමකින් යුතුව රාජකාරි සිදු කරන අතර, පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් හේතුවෙන් රාජකාරි නිසි ලෙස ඉටු කිරිමට නොහැකි තත්වයකට පත් වී ඇති බව එම පොලිසියේ සෙසු පොලිස් නිළධාරින් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

