අලව්ව පොලීසිය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ ලොරි රථයක් අද (22 දා) උදෑසන 7.30 පමණ දුම්රියේ ගැටී ඇති බව අලව්ව පොලීසිය පවසයි.
කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයේ සිට අලව්ව ගොරොක්ගස්දෙනිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් ලොරි රථයක් කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
අනතුරේන් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා අලව්ව රෝහලට රැගෙන ගිය බවත් දුම්රියේ ගැටීමෙන් ලොරි රථයේ රියදුරු සිටින කොටස ගැලවී ගොස් හානියට පත්ව ඇති බවත් පොලිසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් අලව්ව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

