අලවතුගොඩ තරුණිය ඝාතනය කළ හැටි හෙළිවෙයි
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේදී 26 හැවිරිදි තරුණ කාන්තාවගේ ඝාතනය ගෙළ හිර කිරීමෙන් සිදු කළ මරණයක් බව ඒ සම්බන්යෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ධනුකා මධුවන්ති නැමැති 26 හැවිරිදි තරුණ කාන්තාවකි. මෙම තරුණ කාන්තාව අමානුෂික ලෙස ඝාතනය කර නිවසට යාබදව පිහිටි වෙල් යායේ මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අලවතුගොඩ පොලිසිය මහනුවර නිල සුනඛ අංහයේ සුනඛ යාගේ සහායෙන් මළ සිරුර හමු වු වෙල් යායේ සියට මීටර් 800 ක් පමණ දුරින්පිහිටි නිවසක පදිංචි හමුදා සෙබලෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එම් . සිවසුබ්‍රමනියම් මහතා විසින් පවත්වනු ලැබීය.
මොහොමඩ් ආසික්

popular news
-
Dayan Monday, 13 March 2023 01:53 PM
I suspect that her husband also involve in this directly or indirectly.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

