ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ වාර්තා සභාගත කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ අනුව, ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු ඊට හේතු වූ කාරණා සභාගත කරන ලෙස විපක්ෂනායකවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.