දිට්වා සුළි කුණාටුවෙන් ව්පතට පත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සදහා ආපදා ආධාර තොගයක් රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 08 වැනි ගුවන් යානයත් 12/09 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී.- 17 වර්ගයේ එකක් වූ අතර,එම ගුවන් යානය 12/09 දින පස්වරු 01.20 ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එම යානය තුළ 08 දෙනෙකුගෙන් යුතු පවුලකට දින 14 ක් සදහා සෑහෙන ආහාර අඩංගු , ආහාර ඇසුරුම් 1,080 ක් තිබූ අතර ඒවායේ මුළු බර මෙට්‍රික් ටොන් 27 කි .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අලි මසූරි ( Rashed Ali Mazrouei ) මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

