රට තුළ පවතින අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ, පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව, ම.එ.පෙ. නායක, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මහජන එක්සත් පෙරමුණේ මතය එය බව කියා සිටි ඔහු, ඒ අතරතුර මහජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.
එමෙන්ම ආණ්ඩු ක්රමයේ වෙනස්කම්ද මහජනතාව අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
ම.එ.පෙ. නායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, රටේ පවතින ආර්ථික හා දේශපාලන ගැටළු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
නිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර, ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීම, මහ මැතිවරණයකදී හැකියාව ලැබෙන බවද ඔහු කියා සිටියේය.
ආණ්ඩු ක්රමයේ ඇතිවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන්, ම.එ.පෙ. දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇති බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුව තුළින් ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කරවා ගැනීමද, ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්රමයේ පැවැත්ම සහ විශ්වාසය සඳහා අත්‍යවශ්‍ය බවද ම.එ.පෙ. නායකයා සඳහන් කළේය.