වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් අත්මිදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර පැවැත් වූ සාකච්ඡා සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනය
"අප්‍රේල් 18-22 අතරතුර, ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ IMF කණ්ඩායම IMF අනුග්‍රහය සහිත වැඩසටහනක් සඳහා වන ඉල්ලීම සම්බන්ධයෙන් ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්රවණතා, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ වත්මන් ආර්ථික අර්බුදයේ දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ දැල්වල වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරිණි. ණයහිමියන් සමඟ සහයෝගී සංවාදයක යෙදීමට බලධාරීන්ගේ සැලැස්ම IMF කණ්ඩායම පිළිගත්තේය.
IMF කණ්ඩායම ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සමඟ අර්බුදකාරී කාලානුරූපී විසඳුමකට සම්බන්ධ වීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනු ඇත."