රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති උපුල් රෝහන සඳහන් කරනුයේ ඉදිරියේදි යම් බෝ නොවන රෝග මෙන්ම වසංගත රෝග මතුවීමේ අවදානමක් ඇති බවයි.
එමෙන්ම මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල රථවාහන සඳහා ඉන්ධන නොමැති වීමෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම සම්පත් හෝ ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.