අර්බුදයට විසඳුමක් ලෙස පාපැදි භාවිතයට දිරිගන්වයි
විවිධ වයස් කාණ්ඩ අතර විනෝදාංශයක් හා ක්‍රීඩාවක් වශයෙන් පමණක් නොව ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින්න වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා ප්‍රකාශ කළේය.
රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සහ ඉන්ධන ගැටලුවට විසඳුමක් වශයෙන්Ride for Life සංවිධානය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ජනමාධ්‍ය, ශ්‍රී ලංකා පොලීසිය සහ පාපැදි සම්බන්ධව තිබෙන විවිධ ආයතනවල සහයෝගය ඇතිව එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
අතිරේක ලේකම්වරයා මෙම කරුණු අනාවරනය කළේ අද (27දා) “ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම”මැයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
වත්මන් ඉන්ධන අර්බුධය හමුවේ වාහන තිබුණද නිවසේ තබා යාමට සිදුව ඇති බැවින් පාපැදිය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව ඇති මෙවන් යුගයක බයිසිකල් පදින අයට “පැද යන්න ඉඩ දෙන්න” යන පණිවුඩය ජනගත කිරීමෙන් මහජනතාව පාපැදි භාවිතයට දිරිගැන්වීමටඅවශ්ය සහයෝගය ලබා දෙන ලෙස ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පපැදි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඊට ප්‍රවේශයක් වශයෙන් 2022 ජුලි මස 02 දිනශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සහ Ride for Life සංවිධානය ඒකාබද්ධව කොළඹ විජේරාම IESl කාර්යාලයේ සිට පෑලියගොඩ දක්වා පාපැදි භාවිතයට ජනතාව උනන්දු කරවීමේ අරමුණින් රැළියක් ආරම්භ කරන බව සභාපතිවරයා පැවසුවේය.
පැපැදි භාවිතයේදී රාත්‍රී කාලයේ ප්‍රධාන පහන් දල්වා ගෙන යාම, පිටුපස ප්රතිපරාවර්තන පහනක් සවිකර තිබීම, හදිසි අවස්ථවකදී නවතා තැබීමට තිරිංගයකින් සමන්විත වීම, මාර්ගයේ වම්පසින් ගමන් කළ යුතු වීම, රාත්‍රී කාලයේ පහසුවෙන් අන් අයට හඳුනා ගැනීමට පහසුවන සේ ලා පැහැති වර්ණ ඇඳුමක් ඇඳ ගමන් කිරීම, මාර්ග සංඥා පිළිපදිමින් ගමන් කිරීම, ආරක්ෂිත හිස් වැසුමක් පැළඳිම. මාර්ග නීති අනුගමනය කරමින්, මාර්ග සංඥා පිළිපදිමින් ගමන් කරන්නේ නම් කිසිදු අනතුරකින් තොරව පාපැදියෙන් ගමන් කළ හැකි බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
popular news
-
MARK Tuesday, 28 June 2022 04:12 AM
LET TOP LEVEL POLITICIANS (THE EXCELLENCY, MINISTERS,MPs) AND GOVERNMENT OFFICIALS SHOW THE PRACTICALITY THE OTHERS WILL FOLLOW.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

