අර්බුදය විසඳීම සඳහා අපේ රට ගැලපෙන අපටම ආවේනික විසඳුම් අවශ්‍ය බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙලක් තමන් ඇතුළු 43 සේනාංකය විසින් සකස් කරමින් සිටින බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. දුරකතනවල වෝල් පේපර්, රිඟින් ටෝන් මාරු කරන ක්‍රමයට එන විසඳුම්වලින් පලක් නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.
අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
“තේ වගාව ඇතුළු අපනයන ක්ෂේත්රයට පොහොර තහනම, ඉන්ධන හිඟය සහ ඩොලර් හිඟය දරුණු ලෙස බලපෑ තිබේ. මේ වසර තුළ අපනයන ආදායම 25% කින් පමණ අහිමි වීමක් සිදුවන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඩොලරය රු. 365 තබාගැනීමේ ක්‍රමවේදය අනුව බලාපොරොත්තු වූ ආකාරයෙන් රටට ලැබෙන ප්‍රේෂණ වැඩිවීමක් සිදුව නොමැත.
හොඳම තත්ත්වයක් සමග සැසඳීමේ දී රටේ ප්‍රේෂණ 50% කින් පමණ අඩු වී තිබේ. රට වෙත පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය 50% කින් අඩු වී තිබේ. වරායේ කටයුතු අඩපණ ව තිබේ. මේ විලම්භනයට හේතුව කුමක්දැයි මහජනතාව ප්‍රශ්ණ කරයි.
කොළඹ නගරයේ පමණක් නොව මුළු රටේම ගොඩනැගිලි තැනීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පාරට වැටී තිබේ. සංචාරක ක්ෂේත්රයේ තත්ත්වය ද එසේමය. ඇයි අපිට මේ අපරාධය සිද්ධ වුණේ? ඇයි අපිට මෙවැනි කටයුත්තක් කරන්න අප කළ වරද මොකක්ද? කවුද මේකට වගකිව යුත්තේ? යන ප්‍රශ්ණය ජනතාව වෙතින් ඇසෙමින් තිබේ.
68 වගන්තියේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ගෙවුම් ශේෂය ඉතාම අනතුරුදායක තත්වයකට පත්වෙලා තියෙනවා නම්, අපගේ සංචිත ප් රමාණය, භයානක ලෙස අඩුවෙමින් තිබෙනවා නම්, ඒක අපේ ජාතික ආර්ථිකයට, ජනතාවගේ ආර්ථිකයට, භයානක විදියට වැඩ කරගෙන යනවා නම්, මූල් ය මණ්ඩලය වගවෙන්න ඕන කියලා.
225 විතරක් නෙවෙයි මේකට වගකියන්න ඕනේ. මේ නිලධාරීන් මේකට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. මොකද මේ අය අද නිදැල්ලේ ජීවත් වෙන්න හදනවා මේ ඔක්කොම අපරාධය කරලා. එක එක්කෙනාට චෝදනා කර කර ඉඳලා මූල් ය මණ්ඩලය සමස්තයක් හැටියට මේ ගැන වගකිව යුතුයි.
අන්තර්ජාතික වශයෙන් තියෙන ප්‍රධානම මුල්‍ය ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක් කරලා තියෙද්දි කිසිම තැකීමක් නොකර මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු මූල් ය මණ්ඩලය ඉදිරියට යනවා. ඒ වගේම සල්ලි අච්චු ගහනවා සීමාවකින් තොරව.
කවුද මේවට වගකියන්න ඕනේ? රාජපක්ෂවරු ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි. නිලධාරී මණ්ඩලය, භාණ්ඩාගාරයේ අධිපතිවරු ඇතුළු ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසක් එකාවන්ව වගකිව යුතුයි මේ එකට අනුකූලව කටයුතු නොකිරීම හා එම් එල් ඒ ඇක්ට් එකට මොනිටරි ලෝ ඇක්ට් එකට අනුකූලව කටයුතු නොකිරීම විසින් ඔවුන් කරලා තියෙන අපරාධය.”