අර්ධ සුඛෝපභෝගි බස් ලබන මස සිට අහෝසියි
මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබූ අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන මස සිට අහෝසි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
මීට පෙර 2018 වසරේ සිට මගීන්ගේ ඉල්ලිම් සලකා බලා අවස්ථා ගණනාවක ම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිසම උත්සහ කලද එම තීරණ ප්‍රවාහන මාෆියාවේ බලපෑම මත අකුලා ගැනීමට සිදු වූ බවද ඒම සංගමය පවසයි.
නමුත් මෙවර ප්‍රවාහන මාෆියාවේ බලපෑමට යටත් නොවී ගෙන ඇති මෙම තීරණය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ ස්තුතිය පළ කරන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.
popular news
-
Deepal Nirosh Tuesday, 18 April 2023 11:08 AM
ම්ම්ම්... මේ කී පාරක් පහු වෙච්චි ලබන මාසයක් ද? ඇත්තටම මේ ලබන මාසය කවදා උදා වේ ද? හරියට පළාත් මැතිවරණය වගෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

