අරලිය ගහ මැදුරේ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු සටහන් ( log entry) නොමැති වීමෙන් පරීක්ෂණ වලට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ලැප්ටොප් පරිගණක, වීඩියෝ කැමරා ආදී වටිනා බඩු භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබිණි
කිසියම් පිරිසක් මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මාධ්‍ය ඒකකය සහ නාවික හමුදාවේ නිලධාරියෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකරන බව එම නිලධාරියා කීය.
පසුගිය නම වෙනි දින අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළු වී තිබූ අතර තාවකාලිකව වෙන්කර සකසන ලද මාධ්‍ය ඒකකයේ කුහර සාදා ඇතුළු වී මෙම සොරකම් සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.