කොළඹ, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පිරිමි පුද්ගලයන් නම දෙනෙක් සහ කාන්තාවක් ඒ අතර වන බව ඔහු පැවසීය.
තුවාල ලද පුද්ගලයන්ගෙන් හය දෙනෙක් මේ වනවිට වාට්ටු අංක 72,තවත් දෙදෙනෙක් බාහිර ප්‍රතිකාරය ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ,පුද්ගලයන් දෙදෙනකු ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.