ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත් කරන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව තෙවැනි දිනටත් ක්රියාත්මක වෙයි. මේ වන විටත් පැය 45කට අධික කාලයක් මෙම විරෝධතාව අඛණ්ඩව ක්රියාත්මක වෙමින් පවතී.
අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැති ඊයේ දිනයේදී පවා විරෝධතාකරුවන් සිය සටන අත්නොහැරීමට කටයුතු කරනු ලැබීය.
මෙම විරෝධතාව සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.