පීඩනයට ලක්ව සිටින සමස්ථ ජනතාවම නැවත අරගලය ආරම්භ කළ යුතු බවත්, ඒ අනුව අනිවාර්යෙන්ම අරගලය ශක්තිමත්ව සිදු කර මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (05දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"දෙමව්පියන්ට තම දරුවන්ට සපත්තු දෙකක් අරන් දෙන්න බැරි තත්ත්වයට මේ රට වැටිලා තිබෙනවා. මේවා අපි තේුම් ගන්න ඕනී. අපි දන්නවා මේ රටේ මේ අර්බුදයට හේතුව අනිවාර්යෙන්ම දේශපාලඥයෝ. වෙන කවුුවත් නෙවෙයි. මම හිතනවා පුණුත්තාපන පනතක් ගෙනල්ලා මුලින්ම මේ රටේ දේශපාලඥයෝ පුණුත්තාපනය කරන්න ඕනී. මොකද රට විනාශ කරන්න හැමදාම නායකත්වය දීලා තිබෙන්නේ දේශපාලඥයෝ.
අපේ දේශපාලඥයෝ ගොඩක් වෙලාවට ඉන්නේ, දැක්ම තියෙන්නේ ඔවුන්ගේ ඡන්ද පදනම හදාගන්න විතරයි. ඊළඟ ඡන්දය කොහොම හරි දිනා ගන්න පමණයි. එතනින් එහාට දැක්මක් නෑ රට ගැන. ඒක විශාල අර්බුදයක් වෙලා තිබෙනවා මේ රටේ. ඒ නිමා මේවා අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඕනී.
දේශපාලඥයෝ දැක්මක් ඇතිව මේ රට පාලනය කරන්න ගන්නකන් මෙතන ඇවිත් අපි කොච්චර කාලය නාස්ති කළත් මේකෙන් අපිට ප්රයෝජනයක් වෙන්නේ නෑ. මම කියනවා මර්දනය නවතින්න ඕනී. අරගලය නැවතත් පනගන්වන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. අරගලයට මේ දේශපාලඥයෝ බයයි.
අරගලය පනගන්වන්න ගාලුමුවදොරින් නෙවෙයි පීඩනය අසුවෙලා ඉන්න රටේ සමස්ත ජනතාව එකතුවෙලා. තමන්නාන්සේලාගේ දරැවන් පවා මේ අරගලය අනුමත කරනවා. අනිවාර්යෙන්ම අරගලය ශක්තිමත්ව ඇවිල්ලා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නම ඕනී. නැත්නම් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ."