ජනපති රනිල් වික්රමසිිංහ මහතාට ආර්ථික සැලැස්මක් නොමැති බවත් ණය ලබා ගැනිමෙන් පමණක් රට ගොඩනැංවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එසේම ජනපතිවරයාගේ ආර්ථික සැලැස්ම කඩිනමින් රටට හෙළි කරන ලෙසත් රජය මූල්‍ය අරමුදලට ගියේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය සමයේදී අලි සබ්රි මහතා බවත් ඔහු පැවැසීය.
“ණය ලබාගෙන කාලා බිලා රට ගොඩ දාන්න බෑ. රට ගොඩ දාන්න එතුමා සැලැස්මක් දාලා නෑ. හැබැයි එතුමාගේ වටේ ඉන්න හෙංචයියෝ ටිකක් මේ කාලයේ ආතල් ගන්න බව අපට පේනවා.
එතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අරගලයේ ඉන්න දූ දරුවන්ගෙන් පළි ගන්න එපා. පැපොල් කෑල්ල කෑවා කියලා කූඩුවේ දානවා.
ජනාධිපති පැනලා ගියාට පස්සේ කොඩිය ඇඳගෙන ගියා කියලා තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ තරුණයා හිතන්න ඇති මේක බතික් රෙදි කෑල්ලක් කියලා.
දූෂණයෙන් පිරුණ රටේ දූෂණයට අතිහිත දෙන දූෂණය පතුරවන එක දේශපාලඥයෙකුට එරෙහිව ක්රියාමාර්යගයක් ගන්න එතුමා ලෑස්ති වෙලා නෑ.
මේ පළිගන්නෙ රට වෙනුවෙන් හඩ නගපු තරුණයන්ගෙන්. රට යම්කිසි මාර්ගගයට ගෙන යා යුතුයි කිා මාර්ගයක් කපපු දරුවන්ගෙන්. මේ රටේ මිනිස්සු මේ දරුවන් වෙනුවෙන් හිට ගන්න ඕන. ඒ අයව හිරේ දාන එක නවත්වන්න ඕන.
9 දා අරගලය පැවැතුනේ නෑ. මර්දනය හමුවේ අරගලය මර්දනය වුණා. නමුත් අරගලයේ සංකල්පය ඉවර වෙලා නෑ. අපි මේ අරගලයට හැමදාම ආශීර්වාද කරනවා. අරගලය ප්‍රතිසංවිධානය වෙන්න ඕන.ඒකට පොඩි කාලයක් යාවි. ඒක නිසා හිතන්න එපා අරගය ඉවරයි කියලා. නැවතත් ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා.
මම ෆේස් බුක් එකේ දැක්ක කවියක් තියෙනවා,
කුසට සාගිනි, හදට සෝ ගිනි
ඉනට වැරහැලි, කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ
අඳුර දිනූ කාලය ගිහිල්ලා
නොසිට බැරි බැරි
සතුරු පා යට
වකුටු වී අතපය හකුල්ලා
නැගිට පල්ලා නැගිට පල්ලා
නුඹලගේ වාරය ඇවිල්ලා ”