ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන තෙක් අරගලය අඛණ්ඩව සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගෙ පවසයි.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන තබාගෙන සිටින උතුරේ මෙන්ම දකුණේ සහෝදරවරු නිදහස් කළ යුතු බවද ඔහු පැවැසීය.
ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට පෙරාතුව ඔහුගේ නිවසේ අතු කැපීමට පැමිණ පුද්ගලයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටියදී කිසිම වග විභාගයකින් තොරවම ඔහු සිර ගෙදර තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබුණ බවත් මුදලිගේ මහතා පැවැසීය.
ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඇති ප්‍රතිපාදන වෙනත් නමකින් ගෙන ආවොත් එයට එරෙහිවද කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.