අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අද (05දා) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
32 හැවිරිදි රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.
මොහු 01/05 දින අලුයම 04.30 ට ඩුබායි සිට ජසීරා ගුවන් සේවයේ ජේ.- 9124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ.
එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදු වනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත්අඩංගුවට ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරි පත් කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
රෑපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම මත මෙසේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ .
රන්දිමාල් ගමගේ කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් රැගත් ජීප් රථයක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ පෙරවරු 11.00 පමණ රැගෙන ගියහ .
