රැකියාව බේරා ගැනීමේ අරමුණින් අරගලයේ නිරත වන පුද්ගලයන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (04දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර මෙම ක්රියාමාර්ග හේතුවෙන් රැකියාව අහිමි වන්නේ නම් අරගලය ජයග්රහණය කර මාස තුනක් ඇතුලත අනිවාර්යෙන් එම රුකියා නැවත හිමිවන බව සඳහන් කළ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,
රණවිරුවෝ මේ කාලයේ ඉතා දුෂ්කර පීඩාකාරී රැකියාවක් කරනවා. වගකීමක් දරනවා. ඉතාම දුෂ්කර විදියට තමයි ඔවුන්ගේ රාජකාරී ඉටු කරන්නේ. ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ. ඒ වුනත් රණවිරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අරගල කරන්නේ, විරෝධය පාන්නේ ඔයාලගේ නෑදෑයො, ඔයාලගේ දෙමව්පියෝ. ඔයාලට බත සපයන ගොවියෝ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම රැකියාව නැතිවෙයි කියන බයට හරි, රැකියාව බේර ගන්න ඕනි නිසා හරි කිසිදු වෙලාවක මේ අරගල කරන අයට හිරිහැර කරන්න එපා.
මොකද අරගලය ජයග්රහණය කරනවා. රැකියා අහිමි කරන්න බෑ ලක්ෂ ගණනකගේ. රණවිරුවෝ සියල්ලන්ගේම රැකියා අහිමි කරන්නත් බෑ. පොලීසියේ 60,000කගේ රැකියා අහිමි කරන්නත් බෑ. අහිමි කළොත් මේ අරගලය ජයග්රහණය කළාම ඒ රැකියා මාස තුන හතරක් ඇතුලත අනිවාර්යෙන්ම ලැබෙනවාමයි. ඒ නිසා ඒ ගැන හිතන්නේ නැතිව මේ අරගල කරුවන්ට සාධාරණයක් ඉෂ්ඨ වන ලෙස රාජකාරිය කරන්න, යුතුකම ඉෂ්ඨ කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා යනුවෙන් සඳහන් කළේය.