කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාකරුවන් අතරට පැමිණ අරගලට සහය පලකල පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
අද (14) දහවල් කාලයේ මෙම විරෝධතාවට පැමිණි කුට්ටිගල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන මෙම නිලධාරියා දැනට සිරිපාගම පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි පදනම යටතේ රාජකාරි සිදුකරමින් සිට ඇති බවත් ඔහු අද දින අදාල පොලිස් ස්ථානයෙන් අනවසරයෙන් පිටව ගොස් ගාලු මුවදොර අරගලයට සහභාගී වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ අදාල පොලිස් නිලධාරියා තම සේවා කාලය තුල විවිද විශමාචාර ක්රියාවවන් සඳහා සහභාගී වී වැඩතහනමකට ලක්ව සානුකම්පිත හේතුන් මත නැවත සේවයේ පිහිටුවා රාජකාරි සඳහා යොදවා සිටි බවයි.