නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිිහිටා ඇති අරංගල පර්වථය ආශ්‍රීත සංචාරක කටයුතු ප්‍රවර්ධනය සදහා වු මුලික නිරික්ෂණ කටයුතු පසුගිය දා (04) සිදු කෙරිනි.
දෙස් විදෙස් සංචාරකයින් සදහා මග පෙන්වන්නන් පුහුණු කිරිම, අරංගල පර්වථය ආශ්‍රිතව වෙසෙන පිරිස් සදහා ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, අරංගල පර්වත ගමන් මගේ පාරිසරික වටිනාකම සම්බන්ධ විවිධ ප්‍රචාරන පුවරු සැකසිම, සංචාරකයින් සදහා නවාතැන් පහසුකම් සැකසීම, පර්වථයේ ගමනාන්තය දක්වා ජලය,වැසිකිලි හා කැසිකිලි පහසුකම් ඇති කිරිම හා ගිමන් හැරිමේ ස්ථාන සැකසීම ආදි කරුණු සම්බන්ධයෙන් ගම්වාසින් සමග සාකච්ඡා පැවැත්වීම මෙහි දි සිදු කෙරිනි.
වැඩසටහනේ දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයිම් නාඋල ප්‍රාදේශිය සභාව මගින් සිදුකිරිමට නියමිතය. පළාත් සංචාරක දෙපාර්ථමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමග ඒකාබද්ධ වී මෙම කටයුතු සිදුකරන බව මෙහිදි අදහස් දැක්වු සභාපති සනත් දසනායක මහතා කියා සිටියේය.
මෙහිදි අදහස් දැක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියා සිටියේ අරංගල පර්ථයේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් සංචාරකයයින් දැනුවත් කිරිම හා ගුණාත්මක ආහාර ලබාදීම් ආදී කටයුතු හා විධිමත් සංචාරක මග පෙන්වන්නන් පුහුණු කිරිම් මෙන්ම කදුවුරු අත්දැකීම් සංචාරකයින්ට ලබාදිම් ආදී කටයුතු සම්බන්ධයෙන් සිය සංවිධානය මුලිකත්වය ගෙන කටයුතු කරන බවයි.
මෙම අවස්ථාව සදහා නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක(ශ්‍රී ලං පො ජ පෙ) දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහත්වරු මෙන්ම දැනට අරංගල පර්වතයේ සංචාරක කටයුතු වල නිරත අරංගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ද එක්ව සිටියහ.
