මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ 'පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාල පනත් කෙටුම්පත' දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී 2023.06.20 දින එක්වෙමිනි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය-වැය ගැඹුරින් විශ්ලේෂණය කිරීමටත්, එය හරිමග ගමන් ගන්නේද යන්න සොයා බැලීමටත්, ඇස්තමේන්තු පශ්චාත් පරීක්ෂණයකට භාජනය කිරීමටත්, සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාව පරික්ෂා කරගැනීමටත්, මෙම කෙටුම්පත නීතිගතවීමෙන් හැකියාව ලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය.