ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන විස්තිර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කිරීමෙන්ඇමරිකානු ඩොලර් මිලියන 695 ක් පමණ ලැබෙන අතර මේ දක්වා නිදහස් කර ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.