ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මඟ පෙන්වීම් අනුව කටයුතු කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රටේ වත්මන් ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ බදු ආදායම රුපියල් බිලියන 1800ක් වන විට රාජ්‍ය ආයතන පාඩුව පමණක් රුපියල් බිලියන 950ක් බවට පත්ව ඇතැයි ඔහු පැවැසීය.
"රටේ බදු ආදයම බිලියන 1,800යි. පාඩු ලබන ආයතනවල අලාභය බිලියන 950යි. භාගයක් අපිට යොදන්න වෙලා තියෙන්නේ පාඩු ලබන ආයතන නඩත්තු කරන්න. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 619ක් අලාභයි. ශ්‍රීලන්කන් ගුවන් සේවය බිලියන 129යි. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 151යි.
විසඳුමක් හොයන්නේ කොහොමද කියන ප්රශ්නයේ දී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි අපිට තිබුණ එකම මාර්ගය. ඒ වගේම IMF එකත් එක්ක ඇති කරගන්න උත්සාහ කරන එකඟත්වය ඇති කර නොගත්තොත් අපි මුහුණදෙන තත්ත්වය කුමක් ද? 2022 ජූනි, ජූලි, අගෝස්තුවල ජනතාව වින්ඳ අපහසුතාවය. මීට එහා ගිය තත්ත්වයකට තමා අපිට මුහුණදෙන්න වෙන්නේ."