අයි.එම්.එෆ්. හත්වැනි සමාලෝචනය එකඟතාව
IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව අතර වසර 4ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ හත්වන සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.
කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වන අතර, එය රඳා පවතින්නේ: වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීම සහබහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් තක්සේරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම මත ය.
විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට (ඇමරිකානු ඩොලර් මිලියන 345 ක් මූල්‍ය පහසුකමක් හිමිවෙයි. ඒම මූල්‍ය පහසුකමද සමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක් දක්වා ඉහළ යනු ඇත.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩ කම්පනවලට කැපී පෙනෙන ලෙස ඔරොත්තු දෙන බව ඔප්පු වී ඇත. 2026 දෙවන කාර්තුවේදී් ආර්ථික ක්‍රියාකාරකම් සියයට 4.2 කින් ප්‍රසාරණය වූ අතර එය අඛණ්ඩව කාර්තු එකොළහක ශක්තිමත් වර්ධනයක් සනිටුහන් කරයි. සැප්තැම්බර් මාසයේදී සියයට 8 ක වාර්ෂික වර්ධනයක් සහිතව, ප්‍රධාන උද්ධමනය තනි ඉලක්කමක පවතී. දළ නිල සංචිත වැඩි වී ඇති අතර, 2026 අගෝස්තු අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා ළඟා වී තිබේ.
බැංකු හොඳින් ප්‍රාග්ධනීකරණය කර ලාභදායීව පවතී. 2026 අර්ධ වාර්ෂිකයේ මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම ශක්තිමත් වූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් විය." යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
