ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්රයත්නයේ කොටසක් ලෙස ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හමුවූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදයේ සහාය අඛණ්ඩවට ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඇය මෙහිදි ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ණය හිමියන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාධාරණ ක්‍රියාමාර්ගයකට එකඟවිය යුතුව ඇතැයිද ඇමෙරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
