2026.10.10 දින සවස වත්තල පොලිස් වසමේ මාබෝල ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 229 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 264 ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 24 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.