ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඊයේ (04දා) සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනියුක්ත නාවික පුද්ගලයින් විසින් මන්නාරම පොලීසියේ ද සහය ඇතිව මන්නාරම, එරුක්කම්පිඩ්ඩි ප්‍රදේශයේ සොදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදි, සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂාවට ලක් කිරීමේ දී, එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා විසින් සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක්, එම සැකකරුවන් සහ යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, එම සැකකරුවන් දෙදෙනාගෙන් ලද වැඩි දුර තොරතුරු මත ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු සහ ත්‍රී රෝද රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් මිලියන 08කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වසය අවුරුදු 21ත් 39ත් අතර පසුවන මන්නාරම සහ පේසාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, සැකකරුවන් තිදෙනා, යතුරු පැදිය සහ ත්‍රී රෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

