ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ප්‍රංශයේ සැඟව සිටින රූබන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ලාල් පීරිස් නොහොත් කුඩු ලාල්ගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 105 ක් සහ මිලිගෑම් 640 පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කිරිබත්ගොඩ හුණුපිටිය මාර්ගයේදී සහ කොස් ගස් හන්දිය මාර්ගයේදීය.
සැකකරුවන් වයස අවුරුදු 30 සහ තිස්ස39 අතර පසුවන කොළඹ 15 සහ කොළඹ 14 පදිංචිකරුවන්ය.
සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන වෙත භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වයි.