අයිස් සමග කොස්තාපල් අල්ලයි
අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පෝයස්ථාන පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිට දැනට මිහින්තලය රුවන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 30වන වියේ පසුවන කොස්තාපල්වරයෙකි.
මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහිව සිටින අනුරාධපුර නුවර පාරේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්න කිරීම් වලදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 190ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරුට මෙම අයිස් මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය සහ කාලෙක සිට වෙළඳාමක් ලෙස මෙය සිදු කළේද යන්න දැන ගැනීම සඳහා වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය කියයි.
සැකකරු අද (26 දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
