ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය ඊයේ (02දා) බේරුවල ලයිට් හවුස් දූපතේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ හතරකට (04) වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීදි වටිනාකම රුපියන් මිලියන හැට අට (68) ඉක්මවයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙන ලදී.