මාතර පොලිස් වසමේ වල්ගම ප්‍රදේශයේදී මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත නිවසක වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 ග්‍රෑම් 810 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 500,000/= (ලක්ෂ 05) ක්, මත්ද්‍රව්‍ය ජාවාරමට යොදා ගත් බවට සැකකරන කාර් රථයක්, යතුරුපැදියක් හා ජංගම දුරකථන 03 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 28 හා සැකකාරිය අවුරුදු 34 ක් වන යක්කලමුල්ල හා වංචාවල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.