අයිස් ක්රීම් බාස්කට් එකේ තිබ්බ පොඩි හාමුදුරුවන්ගේ රු 450000ක් හොරු අරන්
පානදුර , පින්වත්ත ප්රදේශයේ විහාරස්ථානයක් හිමිනමක විසින් අයිස්ක්රීම් බාස්කට් එකක බහා තිබූ රුපියල් හාරලක්ෂ පනස්දහසකට අධික මුදලක් සොරකම් කර ඇති බවට ඊයේ (01) ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.
පින්වත්ත, පිරිවෙන පාරේ පිහිටි ශ්රී කල්යානෝදයාරාම විහාරස්ථානයේ හිමිනමක් විසින් කල පැමිණිල්ලක් අනුව මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පැමිණිලිකාර හිමි වැඩවසන කුටියේ අල්මාරියේ හිස් අයිස් ක්රීම් බාස්කට් එකක බහා තිබූ රුපියල් හාරලක්ෂ පනස්දහසක මුදලක් සහ ලිපිකවරයක බහා තිබූ මුදලක්ද මෙලෙස සොරකම් කර ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය පවසයි.
උන්වහන්සේ මුදල් සහිත ලිපිකවරය සහ රුපියල් හාරලක්ෂ පනස්දහසක මුදල බාහාලූ අයිස් ක්රීම් බාස්කට් එක අල්මාරියේ දමා එහි යතුර සිය ගමන් මල්ලේ දමා තිබී ඇත.
පසුදින උදෑසන ලිපිකවරය කාමරයේ බිම වැටී තිබෙනු දැක අල්මාරියෙහි තැබූ අයිස් ක්රීම් බාස්කට් එක පරීක්ෂා කිරීමේදී එහි මුදල් නොමැති බව දැක පොලිසියට පැමිණිලි කර ඇතැයි සදහන් වේ.
popular news
-
rocky Tuesday, 02 August 2022 12:03 AM
Me haamuduruwanta mechchara mudal kohenda ? Mokatada ? Mohu wahaama pansalen nerapeema sudusuya!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

