මහනුවර ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 97 කට හානි සිදුව පවුල් 322 කට අයත් පුද්ගලයන් හා 1630 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදාකළමනාකරණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අකුරණ දුනුවිල ප්‍රදේශයේ එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස ගණන 96 කි.
අකුරණ දුනුවිල ප්‍රදේශයේ සම්පූර්ණයෙන් විනාශ වූ නිවසේ සිටි පාසල් යන වයසේ සිටි සහෝදරයෙකු සහ සහෝදරියක මියගිය අතර පස් දෙනෙකු තුවාල ලැබීය.
ගඟවටකෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම හානි සිදුවී ඇති ප්‍රදේශය වන අතර එහි පවුල් 232 කට අයත් පුද්ගලයන් 1015 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි .