අයහපත් කාලගුණයෙන් මරණ 10 ක්
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇති බවත් තවත් පුද්ගලයින් හතකට තුවාල සිදු වී ඇති බවත් පවුල් 877 කට අයත් පුද්ගලයින් 3058 ක් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද 26 වනදා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයට අනුව නිවාස හතරක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 250 ට අර්ධ හානිද සිදුව තිබේ.
මෙම අයහපත් කාල ගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 242 ක පුද්ගලයින් 808 ක් පීඩාවට පත්ව ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් එකක පුද්ගලයින් හතක් පීඩාවට පත්ව සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 91 ක පුද්ගලයින් 340 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් තුනක පුද්ගලයින් 15 ක් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 113 පුද්ගලයින් 349 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 17 ක පුද්ගලයින් 68 ක් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 100 ක පුද්ගලයින් 363 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 30 පුද්ගලයින් 117 ක් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 173 ක පුද්ගලයින් 654 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 11 ක පුද්ගලයින් 34 ක් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 94 ක පුද්ගලයින් 293 ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් එකක පුද්ගලයින් පහක්,වශයෙන් පවුල් 877 ක පුද්ගලයින් 3058 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදාවන් හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ මරණ හතක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් මරණයක්ද වාර්තා වි තිබේ.
මෙම ආපදාවන් නිසා නිවාස හතරකට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 250 කට අර්ධ හානි සිදුව තිබේ. පවුල් 33ක පුද්ගලයින් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

