දිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 15,404කට අයත් පුද්ගලයන් 61,467ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පුද්ගල මරණ 03ක් සිදුව 02 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර,නිවාස 198කට හානි සිදු වී පවුල් 439කට අයත් පුද්ගලයන් 1927 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 09කරඳවා සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර, එහි පවුල් 11,157කට අයත් පුද්ගලයන් 46,797ක් පීඩාවට පත්වතිබේ. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3,443කට අයත් පුද්ගලයන් 11,648 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.ෙ