2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව අද (02) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව පසුගිය අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර ඉන් අනතුරුව විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පසුගිය අගෝස්තු 31 සැප්තැම්බර් 01 සහ අද දින පැවැත්වුණි.