අයවැය ඡන්දය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමඟ තීරණයකට හෙට (21දා) උදෑසන එළඹෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පොළොන්නරුවේ දී පැවසීය.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකරන ලද නව ධර්ම ශාලා ගොඩනැගිල්ලක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හෙතෙම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
"රටේ ජනතාවට ඉතා අමාරු අසීරු පීඩාකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ ගොවි ජනතාවගෙ ගොවි ජනතාවගේ සිට අනෙකුත් සාමාන්‍ය පුරවැසියා' ධීවර ජනයා දක්වාම ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ.රජයේ සේවකයෝ පෞද්ගලික අංශවල සේවකයෝ සහ ජනතාව දෛනිකව ජීවත්වීමේ අරගලයකට පත් වෙලා තිබෙනවා ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා.
මේ ප්‍රශ්න පැය24 විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමේ.නමුත් විධිමත් සැලසුමක් ක්‍රමයක් තුළ මෙම ප්‍රශ්න යම්තාක් දුරට ගොඩගන්න පුළුවන් වෙනවා.වංචාවෙන් දූෂණයෙන් තොරව රාජ්‍ය දේපළ වංචා කරන්නැති පිරිසක් මේ රටේ බලයට පත් වෙන්න ඕනේ අද ආණ්ඩු පක්ෂය ගැන මේ රටේ ජනතාවට මම කියන්න අවශ්‍ය වෙන්නේ නෑ මේ රටේ ජනතාව දන්නවා.
අරගලයකට වත් පසුව වෙච්ච සිදුවීම් මොනවද කියලා ඒ නිසා ජනතාවගේ ප්‍රසාදයක් නැති ආණ්ඩු පක්ෂයක් සමග තමයි අපි පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ.අපේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය සම්බන්ධයෙන් උදේ තීරණයක් ගන්නවා රැස්වෙලා."
තව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට විධිමත්ව සංවිධානය වී ඇති බවත් එම ජයග්‍රහණය සඳහා ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.