හැටන් දික්ඔය නගරයේ වෙළදසැලක් තුල තනිවම ජීවත් වූ අඹුසැමි යුවලක් තියුණූ අයුධයකින් පහර දි ඝතනය කරඇති බව හැටන් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.මෙසේ ඝාතනය කර ඇත්තේ 82 හැවිරිදි එස්.කාලිමුත්තු සත්තිවේල් සහ 82 හැවිරිදි සගුන්තලාදේවි නැමති ඔහුගේ බිිරිදයි.
ඝාතනයට ලක් වූ අඹූසඅමි යුවලගේ දරුවන් කොළඹ ප්රදේශයේ පදිංචි බවත්, ඔවුන් දෙදෙනා කාලයක් තිස්සේ එම වෙළදසැලේ වෙළද කටයුතු සිදු කර මේ වනවිට වෙළදසැල වසා දමා තනිවම ජීවත් වූ බවයි හැටන් පොලිසිය මගින් සිදු කරන ලද මූලික විමර්ෂණවලදී අණාවරණය වී ඇත්තේ.
කිසියම් පුද්ගලයෙකු මෙම වෙළදසැල තුට පිවිස මොවුන් දෙදෙනා ඝාතනය කර පලා යන්නට ඇතැයි පොලිසිය සැක කෙරෙන්නෙ.
මිය ගිය දෙදෙනාගේ දරුවන් විසින් ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇතත්, එම දුරකථන ඇමතුම්වලට ප්රතිචාර නොදැක්වීම හමුවේ අසල්වාසීන්ට ඒ බව දැනුම්දිමෙන් පසු අසල්වාසින් විසින් එම වෙළදසැල විවෘත කර පරක්ෂා කිරිමෙන් පසු මෙම ඝාතනය සම්බන්ධයෙන් හැටන් පොලිසිය දැනුවත් කර ඇත. සිද්ධිය සම්බන්ධයේන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
