ඩුබායි සිට කාගෝ පාර්සල්ලවල 'අමු කජු' ලෙස අසත්‍ය ලෙස ප්‍රකාශ කරමින් ඔස්ට්‍රේලියාවට ප්‍රතිඅපනයනය කිරීමට තැත් කළ රුපියල් විසිහය කෝටි අනු අට ලක්ෂ විසිදහසක් වටිනාකමින් යුත් දැවැන්ත සිගරට් තොගය ඊයේ (29දා) විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගන්නා ලදී.
රහස් තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම ගුවන් භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේදී, අමු කජු වෙනුවට එහි සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි කාටූන් 8,994ක් තුළ සිගරට් කූරු 1,798,800ක් සොයා ගැනීමට හැකිවී ඇත. ආනයන හා අපනයන පාලන රෙගුලාසි මෙන්ම රේගු ආඥාපනතද උල්ලංඝනය කරමින් සිදුකරන ලද මෙම ජාවාරමට අදාල සිගරැට්වලට අදාළ නීතිමය ප්‍රගතිය සහ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු, රේගු ආඥාපනතේ විධිවිධානවලට අනුව රාජසන්තක කෙරුණු මෙම සිගරට් තොගය රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා හා රේගු ආදායම් අධ්යක්ෂන බලකායේ නිලධාරීන් ඉදිරියේදී වත්තල කෙරවලපිටිය කසල අංගනයේදී විනාශ කර තිබේ.