අමාත්‍ය මණ්ඩලයේ විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළත් ගැසට් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද(31දා) නිකුත් කරනු ලැබීය.
මෙම ගැසට් නිවේදනය නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ නිශ්චිතව පවරනු නොලැබූ සියලුම විෂයයන් හා කාර්යයන් දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන තමා යටතේ තවදුරටත් පවතින බවයි.
ජනපතිවරයා මෙම ගැසට් නිවේදනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ 1(අ) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල අනුවය නිකුත් කර තිබේ.
මේ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 42ක් අයත් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන සංඛ්‍යාව 57 ක් වේ.